25 C
Colombo

පහරදීමේ සිදුවීමට සම්බන්ධ පේරාදෙණියේ සිසුන් 12 කගේ පන්ති තහනම් කෙරේ

Published:

පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට තීරණය කර ඇති බව විනය පාලක මහාචාර්ය තිලක් බණ්ඩාර පවසනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූවිද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ පුත්‍රයාට පසුගියදා එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පහරදීම හේතුවෙන් රෝහල්ගත කර තිබුණා.

මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමග බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම සිදුවීම සිදුව තිබූ බවයි සඳහන් වන්නේ.

Related articles

Recent articles