නුගේගොඩ, පාගොඩ පාර ප්‍රදේශයේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායකට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහර දී ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ඇති අතර ඔහුගේ පාදයකට හා උරහිසට තුවාල සිදුව ඇති බවයි සඳහන් වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.