30 C
Colombo

පුහුණු ගුරු 54 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි

Published:

රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨයේ පසුගියදා ඇතිවූ ගැටුමට සම්බන්ධ යැයි කියන එහි සිසුන් 54 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අත්හිටුවූ බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එම පරීක්‍ෂණයේ ප්‍රතිඵල මත ඉදිරි තීරණයක් ගන්නා බවත් එම නිලධාරියා කීය.

එම විද්‍යා පීඨයේ පසුගිය 26 වැනිදා පැවැති සාදයක් අතරතුරදී සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවීමෙන් තුවාල ලැබූ සිසුන් 12ක් රෝහල් ගතකර තිබුණි.

Related articles

Recent articles