නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේදී පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිරිහාන පොලීසිය විසින් අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් දඩ පත්‍රිකාවක් ලබාදීම සම්බන්ධයෙන් එම ස්ථානයේ රාජකාරී සිදුකළ පොලිස් නිළධාරින්ට බැණවදින ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත්වී තිබුණා.