32 C
Colombo

බස් රථයක් පෙරලී 22කට තුවාල

Published:

කොළඹ සිට යාපනය දක්වා මගීන් ප්‍රවාහනය කළ සූඛෝපභෝගී බස් රථයක් කිලිනොච්චිය,ඉරණමඩුව ප්‍රදේශයේදී අද (05) අලුයම පෙරළීයාමෙන් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

බස් රථය පෙරළීමෙන් තුවාල ලැබූවන්ගෙන් කුඩා දරුවෙකුගේ තත්වය බරපතල බවද පොලිසිය සඳහන් කළේය.

අධික වේගයෙන් පැමිණ ඇති බස් රථය රියදුරුට නින්ද යාම හේතුවෙන් පාලනය කරගැනීමට නොහැකිව පෙරළි ගොස් මෙම අනතුර සිදුව ඇති බවට මුලික විමර්ශනයන්ගෙන් අනාවරණය වූ බවත් පොලිසිය පැවසීය.

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් ප්‍රදේශවාසීන්, පොලිසිය හා යුධ හමුදා නිළධාරීන් එක්ව රෝහල් ගත කිරීමට කටයුතු කෙරෙණි.

පොලිසිය පැවසූයේ අනතුරින් සුඛෝපභෝගී බස්රථයට දැඩි හානි සිදුව ඇති බවත්ය.

අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය රථවාහන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

Recent articles