26.6 C
Colombo

බිත්තර මිලදී ගන්න අයට කුකුළු ව්‍යාපාරිකයින්ගේ දැනුම් දීමක්

Published:

බිත්තරයක් රුපියල් 50 ක මිලකට ගොවිපළෙන් අලෙවි කිරීමට තමන් තීරණය කළ බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

එමෙන්ම රුපියල් 50 ක මිලකට තොග වෙළඳුන් විසින් ගොවිපළෙන් රැගෙන යන බිත්තර රුපියල් 53 ක මිලකට සිල්ලර වෙළඳසැල් වෙත අලෙවි කරන ලෙස ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය ඉල්ලීමක් කළ බවයි එහි සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ.

සියලුම සංගම් එක්ව සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවත් බිත්තරයක් රුපියල් 55 ට වැඩියෙන් අලෙවි කරන්නේ නම් එම වෙළඳසැල් ප්‍රතික්ෂේප කරන ලෙසයි සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කළේ.

Related articles

Recent articles