Home News මැන්ඩවුස් සුළි කුණාටුව ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

මැන්ඩවුස් සුළි කුණාටුව ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

මැන්ඩවුස් සුළි කුණාටුව ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

0

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති “මැන්ඩවුස්” සුළි කුණාටුව බටහිරට බරව වයඹ දෙසටය ගමන්කර හෙට රාත්‍රී කාලයේ නිරිතදිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්ණාඩු, පුදුවේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශවලට ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්මවු වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

උතුරු, උතුරුමැද,නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මි 60 – 70 පමණ තද සුළං ඇති විය හැකියි.

අදාළ නිවේදනය පහතින්,

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version