32 C
Colombo

මොනරාගලට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක්

Published:

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක් මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව දැනට දිවිනැඟුම දෙපාර්තමේන්තුව භාරයේ පවතින මොනරාගල – බිබිල මාර්ගයේ පුහුණු මධ්‍යස්ථානයේ නව මධ්‍යස්ථානය ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙම තීරණය අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල විදේශ රැකියා අපේක්ෂා කරන්නන්ට අවශ්‍ය පුහුණු පහසුකම් සලසා දීමට හැකියාව ලැබෙන බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්,

Related articles

Recent articles