මෙරට ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය සම්බන්ධයෙන් ණය හිමියන් සමඟ 03 වන සාකච්ඡා වටය ඊයේ (15) පැවැත්වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ඒ අනුව රජය හා ණය හිමියන් අතර තවදුරටත් තොරතුරු හුවමාරු කර ගැනීමට තීරණය කළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කඩිනම් අවශ්‍යතාව හා ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියේ අවශ්‍යතාව ඔවුන්ට පැහැදිළි කළ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.