දිල්ලි නුවර අයහපත් වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ලවූ බලපෑම ක්‍රමයෙන් බැහැරව යනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.
ඒ අනුව ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ වායු දූෂණ මට්ටමට වඩා මේ වනවිට වායු දූෂණ මට්ටම විශාල අඩුවීමක් දක්නට ලැබෙන බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.
බෙංගාල බොක්කේ අඩුපීඩන තත්ත්වයත් සමඟ ඉන්දියාවේ වායු අංශු මෙරටට පැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඊයේ (08) දිනය වනවිට අතිශය අයහපත් මට්ටමේ වායු දූෂණයකට ලක්වී තිබුණා.
අද ප්‍රදේශ කිහිපයක වායුවල ගුණාත්මක භාවය පහතින්,

