25 C
Colombo

වී වගාවට බලපාන වටපණු රෝගය

Published:

ප්‍රදේශ කිහිපයක වී වගාවට වට පණු රෝගය බලපා ඇත.

බතලේගොඩ සහල් පර්යේෂණ ආයතනයේ සහකාර අධ්‍යක්ෂ එස්.ආර්. සරච්චන්ද්‍ර සඳහන් කළේ කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක වී වගාවේ මෙම රෝගය පැතිර යන බවයි.

මෙම මූල ගැටිති වට පණුවන් වැඩි වශයෙන් හඳුනාගනු ලබන්නේ වී වගාව ආශ්‍රිතව බවත් මේ නිසා වගා හානිවලට ඒවා බලපාන බවත් ඔහු සඳහන් කළේය.

වට පණුවන් නිසා සිදුවන හානිය පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (16) කළුතර මිල්ලනිය ප්‍රදේශයේදී පැවැත්වෙන බව ද ඔහු සඳහන් කළා.

Related articles

Recent articles