24 C
Colombo

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Published:

වෛද්‍යවරුන් අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා ගෙන ඇති තීරණය විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පමණක් ජනවාරි මස 25 වන දින දක්වා ක්‍රියාත්මක කිරිම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (14) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.

Related articles

Recent articles