දිවයිනේ ප්‍රදේශ රැසකට ශීත කාලගුණ තත්ත්වයක් බලපා තිබෙනවා.
දිවයින හරහා හමායන සුළං ප්‍රවාහය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අද දිනයේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (ත්‍රිකුණාමලය සිට කි.මී. 240ක් පමණ ඊසාන දෙසින්) ස්ථාපිත වී පවතින “මැන්ඩවුස්” චණ්ඩ සුළි කුණාටුව ඊයේ දින ප.ව. 11.30 වන විට අක්ෂාංශ 10.6N සහ දේශාංශ 82.3Eආසන්නයේ ස්ථානගතව පැවති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි අපේක්ෂා කළ හැකි බවත් ඒ අනුව,
උතුරු පළාතේ නිරන්තර වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ.
සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බවත් වාර්තා වනවා.
බස්නාහිර සහ වයඹ පළාත් වලත්, නුවර එළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (60-70) පමණ තද සුළං බලාපොරොත්තු වන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරනවා.