Home News සංචාරක ඉපැයීම්වල කැපී පෙනෙන වැඩිවීමක්

සංචාරක ඉපැයීම්වල කැපී පෙනෙන වැඩිවීමක්

සංචාරක ඉපැයීම්වල කැපී පෙනෙන වැඩිවීමක්

0

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, ශ්‍රී ලංකාව මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1129.4 ක් උපයා ඇත.

ශ්‍රී ලංකාව නොවැම්බර් මාසයේදී පමණක් සංචාරක ව්‍යාපාරය හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 107.5ක ආදායමක් උපයාගෙන ඇති බව මහ බැංකු දත්ත වැඩිදුරටත් අනාවරණය කරයි.

නොවැම්බර් මාසය තුළ සංචාරකයින් 59,759ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 42%ක වැඩිවීමකි. එම වාර්තාවට අනුව 2022 වසරේ පළමු මාස ​​11 තුළ සංචාරකයින් 628,017ක් මෙරටට පැමිණ ඇත.

පසුගිය වසරේ මුල් මාස 11 තුළ සංචාරකයින් 104,989ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එම කාලය තුළ උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 273.6ක් පමණි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version