බාස්මතී හැර වර්ග කිහිපයක සහල් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නෞකා මගින් මෙරටට රැගෙන එමින් පවතින සහල් තොග සහ දෙසැම්බර් 09 වනදාට පෙර ණයවර ලිපි නිකුත්කර ඇති ඇණවුම් සඳහා විශේෂ බලපත්‍රයක් මගින් එම සහල් තොග වරායෙන් නිදහස් කර ගත හැකි බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.