29.8 C
Colombo

සහල් ආනයනය නතර කරන ලෙස ඉල්ලීමක්

Published:

රජය පිටරටින් සිදුකරණ සහල් ආනයනය නතර කළහොත් ගොවියාගේ වී සාධාරණ මුදලකට මිලදීගත හැකි බව නිව් රත්න සහල් ව්‍යාපාරයේ අධිපති ලංකේෂ්වර මිත්‍රපාල පවසනවා.

ඒ අනුව එසේ සිදුවුවහොත් රුපියල් 125ක් වැනි මිලකට වී කිලෝවක් ගොවීයාගෙන් මිල දී ගත හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ජනවාරි මාසේ 15 වැනිදායින් පසු විශාල වී අස්වැන්නක් පැමිණෙන බවත් එම නිසා පිටරටින් සහල් ගෙන ඒම නවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related articles

Recent articles