24 C
Colombo

හිටපු උපකුලපති ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් 6 ක් අත්අඩංගුවට

Published:

පේරාදෙණිය හිටපු උපකුලපති හා ඔහුගේ පුත්‍රයාට පහරදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් 6දෙනෙක් අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසනවා.

ඒ අනුව සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඊයේ (12) රාත්‍රීයේ සැකකාර සිසුන් 6 දෙනෙක් පොලිස් ස්ථානයට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සිසුන් අවුරුදු 23 හා 25 අතර වන නිට්ටඹුව, සඳලංගල, ගිරිතලේ, මාතලේ, හේනේගමුව හා ගලගම්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සිදුවීම සම්බන්ධයෙන් වත් සැකකාර සිසුන් 6දෙනෙක් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Related articles

Recent articles