24 C
Colombo

ඉස්තාන්බුල් නගරාධිපති සිරගත කිරීමට එරෙහිව ජනතාව විරෝධතාවේ

Published:

තුර්කියේ ඉස්තාන්බුල් නුවර දහස් සංඛ්‍යාත ජනතාවක් විරෝධතා පවත්වමින් සිටිති.

ඒ ඉස්තාන්බුල් නගරාධිපති Ekram Imamoglu සිරගත කිරීමට එරෙහිවයි.

එරට ජනාධිපතිවරයාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ඉස්තාන්බුල් නගරාධිපතිවරයා මැතිවරණ නිලධාරීන්ට අපහාස කිරීම හේතුවෙන් වසර 02 යි මාස 07 ක සිරදඬුවම් නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අධිකරණය ලබා දුන් තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිත කිරීමක් බව ද විරෝධතාකරුවෝ පවසති.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලබන වසරේ ජූනි මාසයේදී එරට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත බවයි.

Related articles

Recent articles