25 C
Colombo

චීනයෙන් ලැබෙන අවසන් සහල් තොගය

Published:

චීනය විසින් ශ්‍රී ලංකාවට ආධාර වශයෙන් ලබාදීමට පොරොන්දු වූ සහල් මෙට්‍රික් ටොන් 10,000 ලබාදී අවසන් බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.

එහි අවසන් කොටස වන සහල් මෙට්‍රික් ටොන් 1000ක් සහිත කන්ටේනර් නෞකාව ඊයේ (19) කොළඹ වරායට සේන්දු විය.

එම සහල් තොගය මෙරට පාසල් 7,900 ක් ආවරණය වන පරිදි සිසුන් මිලියනයකගේ පෝෂණය අවශ්‍යතාවය වෙනුවෙන් බෙදාහැරීමට කටයුතු කර ඇති බව කොළඹ චීන තානාපති කාර්යාල වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

Recent articles