26.4 C
Colombo

තවත් භාණ්ඩ වර්ග 10 ක ආනයන සීමා ඉවතට

Published:

භාණ්ඩ 10ක් සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.

සීමා ලිහිල් කර ඇති අයිතම 10 අතර ශක්තිජනක පාන, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය තුනී ලෑලි (MDF) පුවරු, ආවේෂන කැමරා පද්ධති (CCTV) සඳහා අවශ්‍ය උපකරණ සහ ක්‍රීඩා භාණ්ඩ ඇතුළත් වන බවයි සඳහන් වන්නේ.

මෙලෙස ආනයන සීමා අවස්ථා තුනකදී ලිහිල් කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related articles

Recent articles