28.7 C
Colombo

තායිලන්ත නෞකාවක් ගැඹුරු මුහුදේ පෙරළෙයි

Published:

තායිලන්ත නාවික හමුදාවට අයත් නෞකාවක් ගැඹුරු මුහුදේදී පෙරලීමෙන් අතුරුදන් වූ නාවිකයින් 31 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඊයේ (18) රාත්‍රියේ තායිලන්ත බොක්ක මුහුදු තීරයේ ගොඩබිමට කිලෝමීටර් 32ක් පමණ ඔබ්බෙන් මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි යාත්‍රාව කුණාටුවක් හේතුවෙන් පෙරළී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ වන විට නෞකාවේ නාවිකයින් 100ක් පමණ සිට ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් බේරාගෙන තිබේ.

කුණාටුව හේතුවෙන් නෞකාව තුළට ජලය ඇතුළු වී ඇති අතර එන්ජින් කාමරයේ විදුලිය විසන්ධි වී තිබේ.

මේ වනවිට සහන කණ්ඩායම් නාවිකයින් 75 දෙනෙක් බේරාගෙන ඇති අතර අතුරුදන් ව ඇති පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක ය.

Related articles

Recent articles