26 C
Colombo

වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරයට

Published:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන ජනවාරි මස 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු අද (13) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ජනවාරි මස 17 වනදා මෙම සැකකරුට එරෙහිව පවතින සාක්ෂි පිළිබඳ සාක්ෂි සම්පිණ්ඩනයක් අධිකරණයට ඉදිරිපත් කළ ලෙසද ත්‍රස්ත මර්දන කාර්යාංශයට නියෝග කර තිබෙනවා.

Related articles

Recent articles