33 C
Colombo

සීමා නිර්ණයෙන් පසු ඡන්දය පැවැත්වුනොත් මාස හයක් කල් යන්න පුළුවන් – මහින්ද දේශප්‍රිය

Published:

දේශපාලන පක්ෂ සමඟ සීමානිර්ණ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් එළැඹෙන 20 වැනි දා පැවැත්වීමට සැලසුම් කර ඇති බව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

සීමානිර්ණය කිරීමෙන් පසු මැතිවරණය පැවැත්වුවහොත් තවත් මාස හයකින් පළාත්පාලන ඡන්ද විමසීම කල් යනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

මැතිවරණය පැවැත්විය යුතු බවත් මැතිවරණ කොමිසමට ඇති බලය කිසිවෙකුට පැහැර ගැනීමට නොහැකි බවත් එහි සමාජිකයින්ට එම වගකීම පැහැර හැරීමටද නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles