23 C
Colombo

15 හැවිරිදි සිසුවියකට ලිංගික අතවර කළ උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට

Published:

පන්නල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු දංකොටුව, වෙන්නපුව, මාකුඹුර ඇතුළු ප්‍රදේශ කිහිපයක විද්‍යා විෂය සඳහා පාඩම් පවත්වන 24 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙකි.

අතවරයට ලක්වූ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවිය ළඟ තිබී උපත් පාලන පෙති සොයා ගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

සැකකරු උපකාරක පන්ති සිසුන් සඳහා නිර්මාණය කර ඇති වට්ස්ඇප් ගෲප් එක හරහා අතවරයට ලක්වූ සිසුවියගේ අංකය ලබාගෙන ඇයව පොළඹවාගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ උපකාරක මධ්‍යස්ථානයක පන්ති පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සහ සිසුවිය ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත් එබැවින් ඇප ලබාදෙන ලෙසත් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා තිබුණි.

කෙසේ වෙතත්, අධිකරණය සැකකරු රිමාන්ඩ් භාරයට පත් කළ අතර, එම පන්තියේ සෙසු සිසුවියන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස පොලිසියට දන්වා සිටියේය.

Related articles

Recent articles