25 C
Colombo

2022 වසරේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා යයි

Published:

ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් විදේශගත කිරීම නතර කරන බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

ඒ අනුව එය වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ වසරේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ගොස් ඇති බවත් ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශගතවූ වසර ලෙස මෙම වසර වාර්තා ගත වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles