25 C
Colombo

LPL තරගාවලිය අද ආරම්භ වෙයි

Published:

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන අදියර අද (06) ආරම්භ වනවා.

කලම්බු ස්ටාර්ස්, ජැෆ්නා කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, Kandy Falcons හා Dambulla Aura යන කණ්ඩායම් 5ක් මෙවර තරගාවලිය එක්වීමට නියමිතයි.

දින 18ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 24ක් ඇතුළත් වන අතර එම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ කොළඹ ආර් ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවල දී පැවැත්වෙනවා.

තරගාවලියේ සමාරම්භක තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර අද පස්වරු 3.00 ට ආරම්භ වන අතර දෙවන තරගය අද 7.30 ට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර පැවැත්වෙනවා.

Related articles

Recent articles