27 C
Colombo

VAT සංශෝධන පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබයි

Published:

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය සටහන් කර තිබෙනවා.

ඒ අනුව එම පනත දෙසැම්බර් 14 වනදා සිට බලාත්මක වන බවයි පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 09 වැනිදා සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදි සම්මත වූ අතර එහි දී අදාල පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා පක්ෂව ඡන්ද 82ක් හිමිවූ අතර විරුද්ධව ඡන්ද 41ක් හිමි වුණා.

Related articles

Recent articles