පාසල්වල 2 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාවට එලෙස අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව දැනට ක්‍රියාත්මක චක්‍රලේඛ විධිවිධාන තවදුරටත් විධිමත් කරමින් අතරමැදි ශ්‍රේණිවලට පාසල් මාරු කිරීමට අවශ්‍ය කණ්ඩායම් හඳුනාගෙන සියලුම සිසුන්ට සාධාරණ හා සමප්‍රවේශ අවස්ථා සැලසෙන අයුරින් නව ක්‍රමවේදය හඳුන්වා දීමට නියමිතයි.
අදාළ කැබිනට් තීරණය පහතින්,
