28 C
Colombo

විදුලි බිල වැඩි කිරීමට එරෙහි විරෝධතා සතියක් පසුපසට ගනියි

Published:

විදුලි බිල වැඩිකිරීමට එරෙහිව අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු විරෝධතා මාලාව කල් දැමීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සතියකින් කල් දැමීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කිරීම හේතුවෙන් සිය වෘත්තීය සමිති සන්ධානය ද විරෝධතා මාලාව කල් දැමූ බවයි එහි කැදවුම්කරු රන්ජන් ජයලාල් සඳහන් කළේ.

ඒ අනුව සතියකින් පසු ආණ්ඩුව විදුලිබිල වැඩි කිරීමට තීන්දු කළහොත් ඉතා ශක්තිමත්ව විරෝධතා සංවිධානය කරන බවත් විදුලි බිල වැඩි කිරීම වහාම ආණ්ඩුව හකුලාගත යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles