31 C
Colombo

අවම ගාස්තුව රු.30 ක් දක්වා පහත දැමිය යුතුයි – බස් මගීන්ගේ සංගමය

Published:

ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා අඩුකිරීමට කටයුතු කළ යුතු බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, ඉන්ධන මිල ඉහළ යාමේදී බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කරන නමුත් ඉන්ධන මිල පහළ යාමේදී බස් ගාස්තු අඩු කිරීමට අවධානය යොමු නොකරන බවයි.

බස් ගාස්තු සංශෝධන සූත්‍ර‍ය, ව්‍යවස්ථාවටත් වඩා පැටලීමක් බවට මේ වන විට පත්වී තිබෙන බවත් බලධාරීන් දිගින් දිගටම මගී ජනතාවගේ අයිතිවාසිකම් පැහැර හරින බවයි සමස්ත ලංකා බස් මගීන්ගේ සංගම සිය නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Related articles

Recent articles