32 C
Colombo

දසුන් ශානකට ඩොලර් 3,000 ක දඩයක් නියම කෙරේ

Published:

Dambulla Aura කණ්ඩායමේ නායක දසුන් ශානකට දඩක් නියම කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුගිය 8 වැනිදා පැවති තරගයේදී විනිසුරු තීරණයකට විරුද්ධත්වය පල කිරීම හේතුවෙන් මෙම දඩමුදල පනවා ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව දසුන් ශානකට එරෙහිව අමෙරිකානු ඩොලර් 3,000 ක දඩ මුදලක් නියම කිරීමටයි තරග තීරකවරයා පියවර ගෙන ඇති අතර ඔහු විසින් LPL විනය නීති සංග්‍රහයේ 2.8 වගන්තය උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් මෙහිදී සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

Related articles

Recent articles