25 C
Colombo

දිස්ත්‍රික්කවලට පොහොර බෙදෙන්නේ මෙහෙමයි

Published:

ඉන්දීය රජය විසින් මෙරටට ලබා දෙන ලද යුරියා පොහොර තොග බෙදාහැරීම මේ වනවිට ඉතාමත් සාර්ථකව සිදු කරන බව ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 102.5ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයට මෙට්‍රික් ටොන්196.84ක්, මොනරාගල දිස්ත්‍රික්කයට මෙට්‍රික් ටොන් 63ක්, හා මාතලේ දිස්ත්‍රික්කයට මෙට්‍රික් ටොන් 25ක් ද වශයෙන් සපයනු ලැබ තිබේ.

ඉදිරි දින කිහිපය පුරාම පොහොර බෙදාහැරීමේ කටයුතු සිදු කෙරෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. මෙම පොහොර බෙදාහැරීම් කටයුතු රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම හා ලංකා කොමර්ෂල් පොහොර සමාගම විසින් සිදු කරනු ලබයි.

Related articles

Recent articles