29 C
Colombo

බණ්ඩි පොහොර ගැනීමට ගොවීන්ට රු: 10,000 සහනාධාරයක්

Published:

මහ කන්නයේ වී වගා කරන සෑම ගොවියකුටම බණ්ඩි පොහොර හෙවත් Muriate of Potash (MOP) මිල දී ගැනීම සඳහා රුපියල් 10,000ක සහනාධාරයක් ලබා දීමට තීරණය කළ බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එච්.එම්. එල්. අබේරත්න මහතා පවසයි.

මහ කන්නයේ දී ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට බණ්ඩි පොහොර මිල දී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් කෝටි 1000ක් ලබා දීමට එකඟතාවය පළ කර ඇති අතර එම මුදල යොදා ගනිමින් මෙම සහනාධාරය දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

Related articles

Recent articles