25 C
Colombo

මාංශ අලෙවිසැල් පරීක්ෂාව වැඩි කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කරයි

Published:

උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයින් සහ එළුවන් මියයාමේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මස් මාංශ පරීක්ෂා කිරීම් වැඩි කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පසුගිය දින කිහිපයේ සිදුකළ පරීක්ෂා කිරීම්වලදී නිසි අනුමැතියක් නොමැති ගව හා එළු මස් අලෙවි කිරීමේ සිද්ධීන් ප්‍රදේශ කිහිපයකින් වාර්තාවූ බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

උතුරු නැගෙනහිර පළාත් යාබද ප්‍රදේශවල සිටින ජනතාව මේ දිනවල මාංශ පරිභෝජනයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අනුමත මුද්‍රාව සඳහන් මාංශ පමණක් මිලදී ගැනීමට පාරිභෝගිකයින් කටයුතු කළ යුතු බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles