26 C
Colombo

ඇඳුම ගැන චක්‍රලේකය ගුරුවරුන්ට අදාළ නැහැ – රාජ්‍ය පරිපාලන ලේකම්

Published:

රජයේ කාර්යාල සදහා සේවයට වාර්තා කිරීමේදී පහසු ඇදුමකින් සේවයට වාර්තා කිරීමට ඉඩ ලබාදෙමින් සිය අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය පාසල් ගුරුවරුන්ට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පවසනවා.

ඒ අනුව අදාළ චක්‍රලේඛයේ සඳහන් කර ඇත්තේ කාර්යාල සඳහා වාර්තා කරන සේවකයින්ට අදාළ වන ලෙස බවත් වෙනත් සේවාවන් වල නිරත පිරිස්වලට එය අදාළ කර ගත නොහැකි බවයි ලේකම්වරයා සඳහන් කළේ.

පාසල් ගුරුවන්ගේ ඇඳුම සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ අධ්‍යාපන අමාත්‍යංශය බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ, අදාළ චක්‍රලේඛය ගුරුවරුන්ටද අදාළ බවයි.

Related articles

Recent articles