27 C
Colombo

දුම්රිය යකඩ ටොන් 7,000ක් කුණුකොල්ලයට විකිණීමට සැරසෙයි

Published:

දුම්රිය දෙපාර්තමේන්තුව සතු අබලි යකඩ මෙට්‍රික්ටොන් 7,000 ක පමණ ප්‍රමාණය අඩු ලංසුවක් ඉදිරිපත් කළ සමාගමකට ලබාදීමට ප්‍රවාහන බලධාරීන් කටයුතු කරමින් සිටින බවට දුම්රිය වෘත්තිය සමිති චෝදනා කරති.

මෙම යකඩ තොගය විකිණීමට මීට වසර දෙකකට පමණ පෙර කැඳවා තිබූ ටෙන්ඩරයේ ක්‍රියාවලියේ අඩු පාඩුවක් හේතුවෙන් එවකට ප්‍රවාහන අමාත්‍යවරයා එම ටෙන්ඩරය අවලංගු කළ බවත් එහිදී යකඩ කිලෝවකට රුපියල් 65 ක ලංසුවක් ඉදිරිපත්ව තිබූ බවත් වෘත්තිය සමිති කියයි.

කෙසේ වෙතත් මෙවර යකඩ කිලෝවක් රුපියල් 42 කට අළෙවි කිරීමට සූදානම් වන බවත් එසේ වුවහොත් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි ගණනක පාඩුවක් වන බවත් වෘත්තිය සමිති වැඩි දුරටත් පෙන්වා දෙයි.

Related articles

Recent articles