27 C
Colombo

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මාලදිවයිනේ විරෝධතා

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරටට පැමිණීමට එරෙහිව මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

සමාජ මාධ්‍ය පරිශීලකයෙකු විසින් බෙදා හරින ලද වීඩියෝ දර්ශනයක මාලදිවයිනේ අගනුවර වන මාලේ හි ශ්‍රී ලාංකිකයින් විරෝධතාවක් පවත්වන ආකාරය පෙන්වයි.

විරෝධතාකරුවන් ශ්‍රී ලංකා ජාතික කොඩිය අතැතිව රජයට එරෙහි සටන් පාඨ සහිත පුවරු අතැතිව සිටිනු දක්නට ලැබේ.

ඔවුන් මේ වන විට මාලදිවයිනේ නිවාඩු නිකේතනයක සිටින ගෝඨාභය රාජපක්ෂ යළි ශ්‍රී ලංකාවට එවන ලෙස ඉල්ලා සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීම අද ප්‍රකාශ කරන බව සදහන් කර තිබියදීත් අද අලුයම සිය පවුලේ අය සමඟ මාලදිවයිනට පලා ගිය බව වාර්තා වේ.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකාවේ මහජනතාව ඉල්ලා සිටිති.

ඔහු සිය ඉල්ලා අස්වීම භාර නොදී රට හැර යාමට අමතරව දැනට වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද පත් කර තිබේ.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ මාලදිවයිනේ සිට සිංගප්පූරුව හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි බලා පිටත්ව යාමට නියමිත බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කරයි.

Related articles

Recent articles